SRI LANKAN COMMUNITY SOCIAL CLUBTOGETHER IN OMAN · SINCE 1997
SLCSC OMANSri Lankan Community Social Club
A community. A shared story.
← SLCSC archive
SLCSC ARCHIVE · Events

මෙවර අවුරුදු තරඟ සඳහා සහභාගීට ඔබ කළ යුත්තේ..

Originally published April 2020. Historical dates, offers and contacts should be checked with SLCSC before use.

මෙවර අවුරුදු තරඟ සඳහා සහභාගීට ඔබ කළ යුත්තේ..
උද්ගත වී ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙවර වසන්ත උදානය 2020, සයිබර් අවකාශයේ මාර්ගගතව (online), පැවැත්වීමට ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගෙ සංගමය කටයුතු කරන්නේ, පවතින දුෂ්කර මානසික තත්වයන් මඳකට හෝ සමනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මේ සඳහා පහත ක්‍රියාකාරකම් සැලසුම් කර ඇත්තෙමු.
  1. නිවෙස් දෙකක සිදු කරනු ලබන අවුරුදු චාරිත්‍ර ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගෙ සංගමයේ මුහුණු පොතේ සහ යුටියුබ් (YouTube)හරහා සජීවී ව විකාශය කිරීම
  2. ඕමානයේ ශ්රී ලංකා තානාපති තුමාගේ පණිවුඩය සජීවී ප්‍රකාශය
  3. විවිධ අවුරුදු තරඟ:
    • හොඳම අවුරුදු කෑම මේසය තේරීම (විවෘත)
    • සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම
    • ජන කවි ගායනා තරඟය (විවෘත)
මෙම තරඟ සඳහා සහභාගීට ඔබ කළ යුත්තේ ආදාල තරඟයට අනුව විනාඩි 5 කට නොවැඩි විඩියෝවක් සකස් කර 2020 බක් මස 15 දිනට පෙර කොවිඩ් 19 ක්‍රියාකාරකම් WhatsApp සමූහයට ( https://chat.whatsapp.com/JLtTP7bU4G02ODZ423wHsd )උඩුගත කිරීම පමණයි.
බලාපොරොත්තු වන්න: ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගෙ සංගමයේ මුහුණු පොතින් Watch Party.
ඔබගේ ක්‍රියාකාරී සහභාගිත්වය කාරුණිකව අපේක්ෂා කරමු.
.