2 e1602895373700 1 SLCSC.org
ජවිපෙ මන්ත්රී වැටුප් අරමුදලින් කොරෝනා නිසා අපහසුතාවට පත් මැදපෙරදිග වෙසෙන ශ්රී ලාංකිකයන්ට අවශ්ය පහසුකම් සැපයීමට මුදල් වෙන්කර ඇත. ඒ සදහා මැදිහත් වන ඕමානයේ එතෙර අපි සහෝදරත්වය…
ඕමානය තුල මේ වන විට විශාල ශ්රී ලාංකියන් පිරිසක් කොරෝනා අර්බුදය සහ ඒ හා සම්බන්ද වෙනත් හේතුන් නිසා අවතැන්ව අසරණභාවයට පත්ව ඇත. මේ විනවිට ඕමානයේ ශ්රී ලාංකියන්ගේ සංගමය විසින් අසරණභාවයට පත්වූවන්ට උපකාර කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට මැදිහත් වී ඇත.
මේ මහගු සත්කාරය වෙනුවෙන් ඕමානයේ එතෙර අපි සංවිධානය ද පසුගියදා ශ්රී ලාංකියන්ගේ සංගමය සමග අත්වැල් බැදගනු ලැබුවා. එතෙර අපි සංවිධානය විසින් ජවිපෙ මන්ත්රී වැටුප් අරමුදලින් වෙන් කරන ලද අරමුදල් වලින් කොරෝනා රෝගීන්ට ප්රතිකාර කිරීමට අවශ්ය වන වෛද්ය උපකරණ ප්රමාණයක් පසුගියදා ශ්රී ලාංකියන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත පරිත්යාග කිරීමට කටයුතු සිදු කරන ලදි.
ඊට අමතරව එතෙර අපි සංවිධානය විසින් ශ්රී ලාංකියන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත මුදල් පරිත්යාගයක්ද සිදු කිරීමටද කටයුතු කරන ලදී..
2 SLCSC.org
1 SLCSC.org

Leave a Reply

Select Language සිංහල or தமிழ்